• සමූකාර සේවක කොමිෂන් සභාව නෛතික සංස්ථාගත තත්වයෙන් නඩු හෝ නීති කෘත්‍ය ඉදිරිපත් කිරීමට සහ නඩු හා වෙනත් නීති කෘත්‍ය සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමටය ද ප්‍රඥප්තියේ සඳහන් කාර්යන් සඳහා අවශ්‍ය සියළු දේ කිරීමට ද බලය ඇති ආයතනයකි.
  • මෙම ආයතනය මගින් සමූපකාර සේවයේ සියළුම සේවකයින් බදයාගැනීම හා උසස් කිරීමට අදාල සේවා කොන්දේසි හා මූලධර්ම ඇතුලත් කාර්ය පටිපාටි සකස් කිරීම, අවශ්‍ය අවස්ථා වලදී සේවකයින් බදවා ගැනීමට විභාග පැවැත්වීම, විභාග ගාස්තු නියම කිරීම, විභාග පැවැත්වීමේ මන්ඩල පැවැත්වීම. සමූපකාර සමිතිවල ඕනෑම තනතුරකට  පත්කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් නියම කිරීම, ඕනෑම පන්තියකට ශ්‍රේණියකට හෝ තනතුරකට අදාල වැටුප් ක්‍රම නියම කිරීම, කලින් කලට එසේ නියම කල වැටුප් ක්‍රම සංශෝධනය කිරීම.
  • කොමිෂන් සභාව විසින් නියම කරන ලබන වැටුප් ක්‍රම අනුව වැටුප් ගෙවන ලෙසට සමූපකාර සමිති වලට නියම කිරීම.
  • ඕණැම සමිතියක් විසින් ගනු ගබන විනයානුකූල නියමයන් හේතුකොටගෙන පැනනගින අභියාචනා විභාග කිරීම.
  • එම අභායාචනා අම්බන්ධනේ පරීක්ෂණ පවත්වා නිර්දේශ ලබාදීම සඳහා අභියාචනා පරීක්ෂණ නිලධාරී හෝ මණ්ඩල පත්කිරීම.
  • සේවකයෙකුගේ සේවය අවලංගු කරන විට අවශ්‍ය වන්නේ නම් පාරිභෝගි හෝ වෙනත් ප්‍රතිලාභ සෙවකයින්ට ලබාදීම පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කිරීම.
  • අමාත්‍යාංශය අයත් ගරු අමාත්‍යතුමාගේ නම - ගරු ගුණදාස දෙහිගම මැතිතුමා   (ඇමතිතුමා)
  • ආයතන ප්‍රධානියාග‍ෙ නම - ප්‍රදීප් තිලකරත්න මයා (ලේකම්)
  • ආයතනයේ මාණ්ඩලික නිළධාරිනියගේ නම - ඒ.එච්.එම්.එස් අබේරත්න මිය (පරිපාලන නිළධාරී)

.කාර්ය මණ්ඩලය

  • ප්‍රධාන කළමනාකරණ සහකාර
  • කළමනාකරණ සහකාර - 03
  • සංවර්ධන නිළධාරී - 04
  • රියදුරු - 01
  • කාර්යාල කාර්ය සහයක - 02

සභාපති

නීතීඥ චම්පික ලසිත කුමාර මහතා.